ග්‍රාම නාමයන්
මිනුවන්ගොඩ පුරවරයේ පිහිටා තිබෙන්නාවු ග්‍රාමයන්හි නාමයේ ඉතිහාසය පෙපගින් ඔබ වෙත ගෙන එමට කටයුතු කරන්නෙමු මෙම දත්තයන් ඒ ග්‍රාමයන්හි ග්‍රාමනිළධාරින් ලබා දී ඇති බව කරුණාවෙන සලකන්න.
ගල්ලෙගෙදර
මෙම ග්‍රාමනිලධාරී වසමේ ගම් දෙකක් පවතී. එනම් ගල්ලෙගෙදර හා මාකලන්දනයි. එවකට කැලැ බද ප්‍රදේශයක් වූ මෙම ගමට ගාල්ල ප්‍රදේශයෙන් පැමිණි සහෝදරයින් දෙදෙනෙක් ගෙන් වැඩිමහල් සහෝදරයා ගෙයක් සාදාගෙන පදිංචි වූ බවද එම හේතුව නිසා මුලින් ගාල්ලේ ගෙදර යනුවෙන් හැදින්වූ මෙම ගම පසුව ගල්ලෙගෙදර වූ බවද මතයක් පවතී. මකලන්දන ග්‍රාමය පිලිබද සලකා බැලීමේදී වැව් බැම්මක් කැඩීමෙන් ජලයත් සමග කලන්දු නම් මාලු විශේෂයක් මෙම ප්‍රදේශයට ගොඩ ගැසූ බැවින් මාකලන්දන වූ බවද කලන්දූ නම් ලේනුන් මෙම ප්‍රදේශයේ විශාල වශයෙන් සිටි බැවින් මාකලන්දන වූ බවද ජනප්‍රවාදයේ සදහන් වේ.
මාදෙල්ගමුව
උඩුගම්පල රාජ්‍ය පාලනය කල සකලකලා වල්ලභ රජතුමාගේ රාජ්‍ය සමය දක්වා ඉතිහාසයක් ඇති මෙම රමණිය ගම්මානයට මෙම නම ලැබී ඇත්තේ මෙම ගම්මානයේ විශාල දෙල්ගසක් තිබූ බවත් එය මහා දෙල්ගමුව ලෙස පැවතීම නිසා මෙම ගමට මහා දෙල්ගමුව ලෙස ආමන්ත්‍රණය කල බවත් පසුකාලීනව එය මාදෙල්ගමුව බවට පත්වූ බවත් ජනප්‍රවාදයේ සදහන් වේ.
වෑගොව්ව
උඩුගම්පොල රාජධානිය කරගත් සකලකලා වල්ලභ රජතුමාගේ කෘෂිකර්මාන්තය සඳහා තම රාජධානි බල ප්‍රදේශය තුල කුඩා වැව් ගණනාවක් ඉදිකරගෙන ඇත. මෙම වැව් බලාගැනීමේ කාර්යය භාරදී ඇති අය, එනම් වැව් ගොව්වන් පදිංචිව සිටි ප්‍රදේශය මෙම පළාත බැවින් වැව් ගොව්වන් පසු කාලීනව වෑගොව්ව වූ බව ප්‍රචලිතය විය.
යටියන
ගමට නම ලැබී ඇති ආකාරය පිළිබඳව කථා පුවත් දෙකක් ඇත. ඉන් පළමු වැන්න වන්නේ උඩුගම්පල තම රාජධානිය බවට පත් කරගත් සකලකලා වල්ලභ රජතුමා ග්‍රාම සංචාරයේ යෙදීමේදී තම යෂ්ඨිය ඇණපු තැන යටි ඇණ, යටියන වූ ඉවත්ය. තවත් කථාවක් වන්නේ පුරාණයේ මෙම ප්‍රදේශය විශාල ඖෂධ උයනක්ව පැවති බවත් එහි විශාල වශයෙන් රුක්ෂ අතර මී වැල් සෑදී ඒවායින් ආනක් මෙන් පැවති බවත්, එබැවින් යටි ආන ලෙස පැවසූ බවත් ව්‍යවහාරයෙන් එය යටියන වූ බවත්, අදටත් ඒ සඳහා උදාහරණ වශයෙන් මී, නෙල්ලි, අරළු, බුළු වැනි ශාක යටියන ගම් පියස ආශ්‍රිතව පවතින බව දැක්විය හැකිය.
ගමන්ගෙදර
මෙම ගම වටා විශාල කුඹුරු යායක් පැවති හෙයින් කුඹුරු යායේ ගොවිතැන් කල ගොවීන් “ගිමන් හල“ ස්‍ථනයේ නමින් “ගිමන් ගෙදර“ වූ බවත් පසු කාලයේ එය ගමන්ගෙදර වූ බවත් ගැමියන් සඳහන් කරයි.