මිනුවන්ගොඩ
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 න් එකක් වන මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වර්ග කිලෝමීටර 139.2 න් සමන්විත වේ. අක්කර ප්‍රමාණයෙන් බලන කල එය අක්කර 34388 කි. 2021 ජන සහ නිවාස සංගණනයට අනුව මිනුවන්ගොඩ ජනගහනය 204008 ක් වන අතර පරිපාලන ග්‍රාම නිලධාරී වසම් 121 න් සහ ගම් 224 න් සමන්විත වේ. බහු ආගමික සහ ජාතීන් සාමකාමීව ජීවත්වන මිනුවන්ගොඩ බලප්‍රදේශය පුරා බෞද්ධ විහාරස්ථාන 87 ක් කතෝලික දේවස්ථාන මෙතෝදිස්ත දේවස්ථාන 15 ක් සහ මුස්ලිම් දේවස්ථාන - ප්‍රදේශය පුරා දක්නට ලැබෙයි.මිනුවන්ගොඩ නගරය ශ්‍රී ලංකාවේ සුවිශේෂ මද්‍යස්තානයක් බවට අදවන විට පත්ව ඇත්තේ ආසන්නතම ගුවන්තොටුපල, අධිවේගී මාර්ගයට පිවිසීමට පැමිණෙන සියලු දෙනා පසුකර යා යුතු නගරයක්, ප්‍රදේශයක්වීම හේතුවෙනි.
මිනුවන්ගොඩ පිහිටීම සහ භුමිය
වර්ග කිලෝමීටර 139.2 වර්ග ප්‍රමාණයකින් සමන්විත මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගම්පහ දිස්ත්‍රික්ක මද්‍යයේ සිට උතුරට බරව බටහිර සිට නැගෙනහිරට සැතපුම් 8 ½ ක් උතුරේ සිට දකුණට සැතපුම් 6 ½ විහිදෙන පරාසයක පිහිටා තිබේ. මිනුවන්ගොඩ ප්‍රදේශයේ භූ විෂමතාව ගැන කතා කලහොත් මුහුදු මට්ටමේ සිට අඩි 100 කට වඩා උස් බිම් ප්‍රදේශයේ ඊසාන දිගින් බහුලව පිහිටා ඇති අතර දකුණු බාගයේ සිට බටහිර සිට නැගෙනහිරට විහිදෙන අඩි 100 ට වඩා ශේෂ උස්බිම් ගණනාවක් දක්නට ඇත. මෙම කදු ශේෂයන් කොටුගොඩ, නැදගමුව, කෙහෙල්බද්දර, උඩුගම්පොළ සහ පෙතියාගොඩ යන ප්‍රදේශ වල පිහිටියේය. උපරිම උස අඩි 228 ක් ලෙස වර්ණනා වන අතර කොට්ඨාසයේ ඊසාන බාගයේ සිට කුඩා ඔයේ අතු ඇලවල් නිරිතට බරව ගලායන අතර දකුණු මායිම ඔස්සේ අත්තනගලු ඔය බටහිරට ගලාබසී.
මිනුවන්ගොඩ ප්‍රදේශය සිතියමට අනුව ප්‍රධාන කලාප 7 ක් දැක ගැනීමට හැකිය.
- බයෝටයිට් සහ -
- ක්වාටනයිට්ස්
- චානෝකයිට්ස්
- රෝස ගලේස්පර් ග්‍රැනයිට්
- ලැටරයිට් ග්‍රැවල්ස්
- කොල්ක නයිස් වේ.
පාංශු ව්‍යාපෘතිය ගැන කතා කලහොත් මෙම ප්‍රදේශය තුල ප්‍රදාන පාංශු කළාප 3ක් ඇත.
- ලැටෝසොල්ස් සහ රෙගසොලේස්
- ඉරෝශනල් රමේකන්ට්ස්
- රතු, කහ, පොඩ්සොලික් පස යන ඒවා වේ.
මිනුවන්ගොඩ ප්‍රදේශය 1948 න් පසු ඉතිහාසය
මෙම ප්‍රදේශය නිදහසෙන් පසුව පසුව 1976 දක්වා අයත්ව තිබුනේ උතුරු කොළඹටය. ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහා මාන්‍ය ඩී.එස් සේනනායක මහතා පළමුවෙන් මැතිවරණයට ඉදිරිපත් වූයේ මිනුවන්ගොඩ මැතිවරණ කොට්ඨාසයෙන් බවටත් එය සිහිපත් කිර්‍රම වෙනුවෙන් එතුමාගේ පිලිරුවක් මිනුවන්ගොඩ ඇලිස්පාර්ක් හි ස්තාපනය කර ඇත. ඉන්පසු 1976 දි ගම්පහ දිස්ත්‍රික්කයක් ලෙස නම් කර අනුමත කිරීමෙන් පසුව මිනුවන්ගොඩ එම දිස්ත්‍රික්කයට ඇතුලත්විය.1987 අංක 15 දරණ ප්‍රාදේශීය පනතෙන් ප්‍රාදේශීය සභාවක් ලෙසත් 1971 ජනවාරි 01 සිට ලංකාවේ කුඩාම නගරසභව ලෙස මිනුවන්ගොඩ නගරසභාව පත්ව ඇත. මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුල පොලිස් බල ප්‍රදේශ 4 කින් සමන්විත වේ. මිනුවන්ගොඩ, ගම්පහ, වේයන්ගොඩ, බෙම්මුල්ල එම පොලිස් ස්ථාන වන අතර කිසිදු හමුදා කදවුරු ප්‍රදේශයක් එම කොට්ඨාස තුල පිහිටා නැත.
උපත් මරණ විවාහ ලියාපදිංචිය
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උතුරු අලුත් කුරු කෝරළයට සහ දාසිය පත්තුවට අයත් වේ. උපත්, මරණ, විවාහ ලියාපදිංචි කිරීමේ කොට්ඨාස වශයෙන් මාබොදල, හොරම්පැල්ල, උඩුගම්පොළ සහ මිනුවන්ගොඩ යන නගර හතරකින් සමන්විත වේ. අදිකරණ කටයුතු සදහා මිනුවන්ගොඩ, අත්තනගල්ල, ගම්පහ උසාවි යොදා ගැනේ.