ග්‍රාම නාමයන්
මිනුවන්ගොඩ පුරවරයේ පිහිටා තිබෙන්නාවු ග්‍රාමයන්හි නාමයේ ඉතිහාසය පෙපගින් ඔබ වෙත ගෙන එමට කටයුතු කරන්නෙමු මෙම දත්තයන් ඒ ග්‍රාමයන්හි ග්‍රාමනිළධාරින් ලබා දී ඇති බව කරුණාවෙන සලකන්න.
මිනිරුවන්ගොඩ - මිනුවන්ගොඩ
15 වන සියවස අගභාගය වනවිට පැවති කෝට්ටේ රාජධානියේදි අටවන පරාක්‍රමභාහු රජුගේ පුතකු වන සකල කලා වල්ලභ රජු විසින් උඩුගම්පොළ රජධානිය පාලනය කෙරිණ. (මේ පිලිබද සවිස්තරාත්මක වාර්තාවක් මෙහි අන්තර්ගත කර ඇත)සකල කලා වල්ලභ රජු රණශූර සහ කෘෂි කර්මාන්තයට මනා හැකියාවන් ගෙන් යුත් රජෙකි.එතුමා විසින් දැනට අස්වාන ප්‍රදේශයේ වැවක් සාදන ලද බව ජනප්‍රවාද වල කියවෙයි.එම වැවේ වේල්ල නිරන්තරයෙන්ම කැඩීයාම හේතුවෙන් කුමාරිකාවන් සත්දෙනෙකු රාජාභරණයෙන් සරසා එයට බිලි දුන් බව කියවේ. තවත් ජනප්‍රවාදයක් වනුයේ එතුම විවාහ කරගෙන සිටි රජකුල බිසව බිලි දුන්බවත් තවත් එක් කතාවක පවසන ආකාරයට වේල්ල කැඩී යන බව දුටු රජු එම වේල්ලට පැන සියදිවි නසාගත් බවත් එය දුටු ඔහුගේ බිසෝවරු සත්දෙනා එම වේල්ලටම පැන සියදිවි නසාගත් බවය. කෙසේවෙතත් මෙලෙස ,මියගිය අයගේ රාජභරණ ගොඩගැසූ ස්ථානය මිනි + භරණා + ගොඩ, මිනි + රුවන් + ගොඩ පසු කාලීනව මිනුවන්ගොඩ බවට පත්වී ඇත. තවද මෙම රාජාභරණ නිදන් කොට මිනුවන්ගොඩ චෛත්‍ය ඉදිකරන ලද බව ඉතිහාස මූලාශ්‍ර වල පැවසේ.
පන්සිල්ගොඩ
පන්සිල්ගොඩ ප්‍රදේශයේ උසම ස්ථානයේ පූර්වාරාම විහාරස්ථානය පිහිටා ඇත. එබැවින් පන්සල පිහිටි උස්බිම පන්සල් ගොඩැල්ල ලෙස හැදින්වූ අතර පසු කලෙක එය උච්චාරණයේ පහසුව තකා පන්සිල්ගොඩ ලෙසට විකාශනය වූ බව ජනප්‍රවාදයේ පවතී. අවට ගම්වාසීන්ද ඇතුළුව ජනතාව ගොඩගැසී පන්සිල් සමාදන්වීම මෙහිදී සිදුකල බැවින් පන්සිල්ගොඩ ලෙස ව්‍යවහාර වූ බවට තවත් මතයක් පවතී.
ජාපාලවත්ත
රබර් වගා කොට තිබූ රජයේ ඉඩමක් එම රබර් වගාවේ වැඩකල ජනතාව සදහා වන්දි වශයෙන් 1988 වසරේ ගම් උදාව යටතේ ‘’ගුණසෙවනගම’’ ලෙස නම් කොට ප්‍රේමදාස ජනාධපතිතුමා විසින් ඉදිකල ගම්මානයකි. එම ගම්මානය සදහා පවරාදුන් රබර් වගාව පැවති වතුයාය ‘’වල් ජාපාලවත්ත’’ ලෙස නම්කර පැවති අතර එය ‘’ජාපාලවත්ත’’ ලෙස භාවිතා කරනු ලබයි.
මාතම්මන
සකලකලා වල්ලභ රජතුමා විසින් නිර්මාණය කල වැවේ ජලයෙන් පෝෂණය කල කුඹුරු යායේ අස්වැන්න එකතු කර හරකුන් ලවා මැඩවූ මහා කමතක් තිබූ බැවින් මහ තම්මන මාතම්මන නමින් ව්‍යවහාරයේ එයි.
වීදියවත්ත
උඩුගම්පොල රාජධානිය කරගත් සකලකලා වල්ලභ රජු ස්නානය කිරීම සදහා අස්වාන ඔයට ගිය වීදිය මෙම ගම හරහා වැටී තිබූ නිසා පසු කලෙක මෙම ගම “වීදියවත්ත“ ලෙස හැදින්වූ බව ගැමියන්ගේ අදහසයි. මෙම රජතුමාගේ පෙරහැර වීදි සංචාරය කල ප්‍රදේශය “වීදියවත්ත“ ලෙස හැදින්වූ බව ජනප්‍රවාදයේ පවතී.