දොරණාගොඩ සුමන්තින්දාරාම රජමහා විහාරය


බුද්ධ වර්ෂ 2036 වැන්නෙහි රාජ්‍යයට පත් දෙවන පෑතිස් රජු විසින් ලක්දිව බුදු සසුන ප‍්‍රතිෂ්ඨාපනය කරන ලදී. එය මත ඇති වු බුදු සසුනේ පුනරුදයත් සමගම සංඝමිත්තා මෙහෙණින් ජය ශ‍්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව ලක්දිවට වැඩමවු සේක. සංඝමිත්තා තෙරණියත් සමග ආ පරිවාර පිරිසට සුමන්ත‍්‍රී නම් රාජ මන්ත‍්‍රීද අයත් විය. දෙවන පෑතිස් රජුගේ ගෞරවාදරයට පාත‍්‍ර වු සුමන්ති කුමරා හට මහත් රාජ වරප‍්‍රසාද හිමි විය. මේ ගැන දොරණාගොඩ විහාර පටුන නම් පුරාණ ලිපියක සඳහන් වේ. මහත් වස්තු සම්භාරයකට අමතරව අමුණු හැත්තෑ පහක කෙත් වතු සමග විල්ගමු නම් ගම්වරද සුමන්ති කුමරා හට හිමි විය.

සුමන්ති අමාත්‍යවරයාට ගම්වරයක් ලෙස ලැබුණු විල්ගමුව, දොරණාගොඩ නමින් නම් කරවා එහි දියුණුවට මහත් මෙහෙයක් කරන ලදී. පින්කම් හි නියැලූණු අමාත්‍ය පින් බිමක් ගොඩනගන අරමුණින් සුදුසු භූමියක් තෝරාගෙන එහි පන්සලක් ඉදි කරන ලදී. මෙම පන්සල සුමන්තින්දාරාමය නමින් නම් කොට සඟ සතු කරන ලදී. මෙම ඓතිහාසික විහාරස්ථානයේ ප‍්‍රථම විහාරාධිපති ධුරය දැරුවේ සුමන්ති නම් තෙර නමකි. මෙම ස්වාමීන් වහන්සේ සුමන්ති අමාත්‍ය වරයාගේ බෑණා කෙනෙකු බවත් සසුනට නෑකම් කීමේ උත්සුක වු සුමන්තී අමාත්‍යවරයා සිය නමින් පැවිදි උපසම්පදා කොට විහාරාධිපති පදවිය දැරූ බවත් කියවේ.

සුමන්තී තෙරණුවන්ගෙන් ඇරඹී දොරණාගොඩ සුමන්තින්දාරාම පුරාණ විහාරය කෝට්ටේ යුගය තෙක් දීප්තිමත්ව පැවති බවට ඉතිහාසය සාක්‍ෂි දරයි. ඉන්පසු සය වන පරාක‍්‍රමබාහු රජු මෙහි විහාරය පිළිිසකර කළ බව පුජාවලියේ මෙන්ම සද්ධර්ම රත්නාකරයේ ද සඳහන් වේ. දැනට විද්‍යාමාන ප‍්‍රාකාරයද එතුමාගේ ප‍්‍රතිසංස්කරණයක් ලෙස සඳහන්ය. පසුව ඇතිවු පරසතුරු ආක‍්‍රමණ මත විහාරස්ථානය සතු වටිනා දේපල විනාශ වු බව සැ රාජ නාහිමියන්ගෙන් ශාසන ප‍්‍රබෝධයේ මෙම විහාරයේ දියුණුවට මං පෙත් එ නායක හිමියන්ගේ ප‍්‍රධාන ශිෂ්‍යයෙක් වු දෙහිගස්පේ අත්ථ දස්සී හිමිපාණන්ගේ සහ එතුමන්ගේ ශිෂ්‍ය කැලණි රජමහා විහාරාධිපති මාපිටිගම බුද්ධ රක්ඛිත හිමිපාණන් ගේ උනන්දුව මත නව උදාවක ආරම්භය සනිටුහන් විය.


image