අස්වානේ දෙවියන්
අස්වානේ දෙවියන් ලෙස හදුන්වනු ලබන්නේ උඩුගම්පොළ රජධානියේ රාජ්‍යත්වය හෙබ වූ සකල කලා වල්ලභ රජතුමන් ය. එතුමාගේ පාලන කාලය තුල එතුමානන් විසින් මෙම බල ප්‍රදේශය සශ්‍රික කිරීමට ගත් උත්සහය හේතුවෙන් එතුමාගේ මරණයෙන් පසුව ප්‍රදේශවාසින් විසින් දේවත්වයෙන් ඇදහීමට ගත් බව ඉතිහාස කතාවල කියවේ.ඔහු සිදුකල කෘෂිකාර්මික දියුණුව, යුධ හැකියාව නිසා මෙම රාජධානි බලප්‍රදේශය ආරක්ෂිතතාව සහ ස්වයං පෝෂිතව පැවතීම ඔහුව දේවත්වයෙන් ඇදහීමට හේතු වී ඇති බව මේ ඉතිහාස කතා අධ්‍යනය කරන අයට පැහැදිලි වේ. අදටත් අස්වානේ දේවාලය ලෙස අස්වාන ප්‍රදේශයේ දේවාලයක් පවතින අතර එම භූමියේ රජුගේ දිවුරුම් බෝධීන් වහන්සේ රෝපිතව ඇත. මෙම දේවාලභූමිය පිහිටා ඇත්තේ අස්වාන ශ්‍රී ධර්මරතනෝදය පිරිවෙන් විහාරස්ථානයට යාබදවය. දැනට එතුමාගේ නමින් පිළිරුවක් හෝ දේවාලයක් නොමැති වූවත් එම භූමිය පවතින දේවාල වල කෙරෙන යාතිකා වලදි අස්වානේ දෙවියන් සිහිපත්කොට පිං අනුමෝදන් කරන චාරිත්‍රය අදටත් පවතී.