දේවානම්පිතිස්ස රාජ සමය(දෙවන පෑතිස් රජුන්)
ක්‍රිස්තු පූර්ව 247 - 207 අනුරාධපුර රාජධානි සමය තුල මෙරට පාලනය කල මුටසීව රජුගේ දෙවන පුතුන් වන දෙවනපිය තිස්ස නොහොත් දේවානම්පිය තිස්ස රජුගේ රාජ සමයේදී සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බොධින් වහන්සේගේ දක්ශිණ ශාඛාව ලංකාවට වැඩමවාගෙන පැමිණීමේදී බෝධි ගුප්ත, සුමිත්ත යන රාජ කුමරයන් දෙදෙනා සමග අටලොස් කුලක පිරිසක් පැමිණ ඇත. දේවානම්පියතිස්ස රජුන් විසින් ඔවුන්ට අමාත්‍ය පදවි ලබාදී ගම්වර ලබාදුන් බව බෝධිවංශයේ සදහන් වේ. එලෙස ලබා දුන් ගම්වරය අතර සුමිත්ත නැමැති ඇමතිවරයාට ලබා දී ඇත්තේ විගමුව ප්‍රදේශයයි. මෙම ප්‍රදේශය අද හදුන්වනු ලබන්නේ දොරණාගොඩ ලෙසයි. මෙසේ විල්ගමුව ප්‍රදේශය මුල්කරගනිමින් ජනවාසයට සුදුසු පරිදි එම ප්‍රදේශ සශ්‍රික කිරීමට වෙහෙස මහන්සි වූ සුමිත්ත අමාත්‍යවරයා වැව් 3ක් ඉදිකල බව කියවේ. එවානම් නාගහ වැව, කොරස වැව, ගොඩ වැව ලෙස ඉතිහාස මූලාශ්‍ර ලෙස ගම්වැසියන් හදුන්වා දී ඇත. වැවයි දාගැබයි යන සංකල්පය යටතේ විල්ගමුව (දොරණාගොඩ) උස් ස්ථානයක් කේන්ද්‍ර කරගනිමින් චෛත්‍යක් සහිත විහාරස්ථානයක් කරවා සුමන්තින්දාරාම ලෙස නම් කර ඇති අතර එය වර්තමානයේ ශ්‍රී සුමන්තින්දාරාම විහාරස්ථානය ලෙස ඔබට දැකගත හැක. මෙම ප්‍රදේශයට නාමය සෑදුන ආකාරය පිළිබද ජනප්‍රවාද, ග්‍රාමනාම පිටුවෙන් ඔබට කියවිය හැක.