කළු ගලට පන දෙන අපේ මිනිසුන් - බොධිපිහිටුවල
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප‍්‍රදේශය තුල පිහිටි බෝධිපිහිටුවල නම් ඉතාමත් සුන්දර ගම්මානය උතුරින් කොළඹ - කුරුණෑගල අංක 05 බස් මාර්ගයටද, දකුණින් වන්කැපුමුල්ල ගම් සීමාවටද, නැගෙනහිරින් වටිනපහ නම් ගම් සීමාවටද, බටහිරින් ගම්පහ - ගල්කන්ද බස් මාර්ගයටද මායිම් වන ඉතාමත් ස ශ්‍රීක භූමි භාගයකි පුරාණයේදී සෘෂිවරු පිරිසක් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙතිස් ඵල රූ බෝධි ශාඛාවක් රැගෙන අනුරාධපුරයේ සිට මෙම ගම හරහා පැමිණ ඇත. ඒ අතරමගදී පැන් පවස නිවා ගැනීම හා ස්නාන පහසුව සදහා මෙම ගම මැද අද පවතින බෝධීන් වහන්සේ පිහිටි ස්ථානය් නැවතී ඇත. දිය ස්නානය කල පසු ඔවුන් අත ගෙන පැමිණි පාත‍්‍රය ආපසු ගැනීමට සැරසෙන විට එය ගල් තලාව මත මුල් ඇද තිබුණි එදා එම බෝධිය පිහිට වු වෙල බෝධිපිහිටුවෙල යන නාමය භාවිතා වු බව ජනප‍්‍රවාදයේ සදහන් වේ. බෝධිපිහිටුවෙල නම් ගම නිර්මාණය වන ආකාරය ජන ශ‍්‍රැතියේ පටන් අනාදිමත් කාලයේ සිටම කළු ගල් කර්මාන්තය මෙහි තිබු බවට ගල්කන්ද සිරි නිකේත පිරිවෙන් මුල මහා විහාරයේ ඉපැරණි ශෛලමය නිර්මාණ සාක්ෂි දරයි.
අංක 105/05 බොධිපිහිටුවල ග‍්‍රාම නිළධාරි වසම තුල නිවාස 484ක්, පවුල් 494 ක් හා ජනගහණය 1960 ක් පමණ වන අතර රාජ්‍ය, පෞද්ගලික ආයතන වල රැකියා නියුක්ත වුවන් මෙන්ම ස්වයං රැකියා වල නියුක්ත වුවන් ලෙස සේවා නියුක්තිය බෙදී යයි. ස්වයං රැකියා වල නියුක්ත වුවන්ගෙන් බහුතරය එනම් පවුල් 90 ක් පමණ කළු ගල් කර්මාන්තයේ නියුක්ත වේ. කන්ද - බෝධිපිහිටුවල ප‍්‍රදේශය ඒ සදහා විශාල ප‍්‍රසිද්ධියක් උසුලයි. කළු ගල් කර්මාන්තයේ නියැලෙන ප‍්‍රතිශතය ගමේ පදිංචි මුළු පවුල් සංඛ්‍යාවෙන් 18.22% ක් වේ. වසර දහස් ගණනක් තිස්සේ උරුම වු මෙම කළු ගල් පර්වත පාරම්පරික මට්ටමින් එදා සිට අද දක්වාම පරපුරින් පරපුරට පැවත එන්නේ බෝධිපිහිටුවල උරුමය තව දුරටත් පසක් කරමිනි. බෝධිපිහිටුවල ප‍්‍රදේශයේ කළු ගල් කර්මාන්තය ලංකාවේ ඉතාමත් දුර්ලභ කර්මාන්තයක් බැවිනුත්, ශ‍්‍රී ලංකාව පුරාම ඓතිහාසික හා සංස්කෘතික වැදගත් කමින් යුතු ස්ථාන ප‍්‍රතිසංස්කරණය කිරීමේදී බෝධිපිහිටුවල කර්මාන්තකරුවන් තුල ඇති උපන් හපන්කම් මුළු ලංකාව පුරාම ව්‍යාප්ත වී ඇත. ඒ සදහා ඔවුන් පාරම්පරික ක‍්‍රම ශිල්ප මෙන්ම නවීන තාක්ෂණයද අද වන විට යොදා ගනිමින් ඔවුන්ගේ කාර්යභාරය ඉටු කරයි. කොතෙක් නවීන විද්‍යුත් ආදේශන උපකරණ නිවෙස් වල භාවිතා කල ද ස්ථිර වශයෙන් මිරිස් ගලක්, වංගෙඩියක් මිලට ගෙන භාවිතා කිරීමට අපේ රටේ ජනයා තවමත් කැමතිය.

දුර්ලභ නිෂ්පාදන කර්මාන්තයක නිරත වන මෙම නිෂ්පාදන කර්මාන්ත කරුවන්ට සුවිශේෂී දැනුමෙන් හෙබි මානව සම්පතක් සහ ප‍්‍රදේශයේ පිහිටි ස්වාභාවික කළුගල භෞතික සම්පතක් වශයෙන් පැවතීම මෙම කර්මාන්තය පවත්වාගෙන යාමට ශක්තියක් වී ඇත. මෙලෙස අපේ රටේ අපේ සම්පත් වලින් නැගි සිටිමට වෙර දරන මෙවන් මිනිසුන් අප අගය කල යුතු අතර අප ඔවුනට අවශ්‍ය සම්පත් ලබා දී ඔවුනගේ නිෂ්පාදන සදහා සාධාරණ මිලක් නියම කල යුතුය. ඔබටත් හැකිනම් මෙම සිඝ‍්‍රයෙන් අඩු වෙමින් පවතින කර්මාන්තය රැක ගැනිමට නොමසුරු සහය ලබා දෙන්න. ඒ සදහා මෙම වෙබ් අඩවියෙන්ද ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන්ද අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිය.