කෘෂිකර්මාන්තය


උඩුගම්පොළ රාජධානියේ ප්‍රධානම කෘෂිකර්මාන්තයට යොදා ගත් කුඹුරු යාය වූයේ වර්තමානයේ අප මුතුරාජවෙල අභය භූමිය ලෙස හදුන්වනු ලබන වගුරු බිමයි. මෙය අතීතයේදි සුවිශේෂීතම සහ සශ්‍රීකම කුඹුරු යායකි. මුතුවන් සහල්ම ලබාදුන් කෙත් යායක් නිසා මුතුරාජවෙල ලෙස නම් කෙරුණ බවත් එකී ජනප්‍රවාදයේ පවතින අතර තවත් කතාවක මුත්තු නම් අයෙකු විසින් අස්වද්දන කුඹුරු යායක් නිසා මුතුරාජවෙල කියා නම් පටබැදුනු බවත් කියවේ. මුතුරාජවෙල අද දින වගුරුබිමක් බවට පත්ව ඇත්තේ දහහත් වන සියවසේ දී ද ඕලන්ද ජාතිකයින්ගේ ආක්‍රමණයන් සමග ඔවුන් කැළණි ඔය සහ දඩුගම් ඔය යාකෙරෙන ඇලක් කරවන ලද බව කියවේ. වර්තමානයේ හැමිල්ටන් ඇල නිර්මාණය කිරීමට පෙර සකසන ලද ඇලමාර්ගය මෙයවේ. මෙම ඇල නිසාවෙන් මුතුරාජවෙල වෙල් යායට කරදිය මිශ්‍ර වීම නිසා එම වෙල් යායට කනකොකා හැඩීමට පටන් ගත්තේය.අදවන විට වගුරු බිමක් බවට පත්වී ඇත්තේ උඩුගම්පොළ රාජධානියේ සශ්‍රිකම වෙල්යායය. එහිදී එම අපරාධය තේරුම් ගත් ඕලන්ද ජාතිකයින් විවිධ උපක්‍රම භාවිතා කරමින් මෙය වැලැක්වීමට උත්සහ ගත් බව වර්තමානයේ ඉතිරිව ඇති ඉදිකිරීම් වලින් අපට දැකගත හැක. විවිධ වාරි තාක්ශණ නිර්මාණ කර වඩදිය බාදිය අවස්ථාවන් වලදී ජලය රට තුලට ගලා ඒමට නොහැකි වන සේ මෙය ආරක්ශා කරගැනීමට උත්සහ දරා ඇත. මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවසන් සීමාවේ පවතින බොලන්ද අමුණ එයට කදිම නිදසුනකි. කෙතරම් උත්සහයන් ගත්තද එය නිශ්ඵල වීම නිසා අවසානයේ එම ඇල වසා දැමිමට ඕලන්ද ජාතිකයින් තීරණය කර වසා දැමීය. අදටත් එම ඇල හදුන්වනු ලබන්නේ මෝඩ ඇල කියාය.


image
image

මෙයට අමතරව මෙම රාජධානියේ රත්මලවිට, කිරිදිවිට, මාරක්විට, අඹන්විට, තඹවිට(තම්මට), අක්කරවිට , උදම්මිට යන ගම්මාන වල කුඹුරු අස්වැද්දීම සදහා රජුන් ඇල වෙලි පනවා විශේෂ අනුග්‍රහයන් දක්වා තිබින. රජුන්ගේ ප්‍රියතම කෙත් යාය වී තිබුනේ සම්බා ගම ලෙස හදුන්වනු ලැබූ වර්තමානයේ ගනේමුල්ල හොරගොල්ල සහ තිබ්බටුගොඩ ග්‍රාමයන්හි පිහිටා තිබෙන වෙල්‍ යායයි. මෙම වෙල් යායේ එකල වගා කර ඇත්තේ සම්බා වී පමණක් බැවින් සම්බා වවන කෙත සම්බා කෙත , සම්බාගම් වීමෙන් අනතුරුව හම්බාගම වී ඊට පසු කාලීන හොරගොල්ල සහ තිබ්බටුගොඩ බවට පත්ව ඇත.


image

මෙම උඩුගම්පොල රාජධානියේ රජකම් කල සකලකලා වල්ලභ රජුන් තම ප්‍රදේශය බත බුලතින් සශ්‍රීක කරවීමට මහත්, පරිශ්‍රමයක්‌ දැරූ අයකු ලෙසින් ප්‍රචලිතව ඇත. එතුමා විසින් මිනුවන්ගොඩ වෑගොව්ව හරහා දිවෙන ඔය හරස්‌කොට තනවා එය අස්‌වාන් වේල්ල ලෙසින් නම්කර එම ජලාශයෙන් පෝෂිත වූ ප්‍රදේශ මහා සශ්‍රීකත්වයෙන් යුතුවූ බවද කියෑවේ. දැනට උඩුගම්පොල පවතින දකුණු ආසියාවේ විශාලතම ස්වාභාවික ජල තටාකය ලෙස හැදින්වෙන රාජකීය පොකුනට ජලය සම්පාදනය කලේ මෙම අස්වාන වෙල්ලෙන් බව ජනප්‍රවාද වල කියැවේ. එසේ ජලය ලබා ගැනිමට උමගක් සකස් කර තිබු බවද එම ප්‍රදේශ වල සිටින පැරැන්නන් අප හා ප්‍රකාශ කර සිටියද තවම එම උමග සොයාගෙන නොමැත. කෙසේ වෙතත් මේ සකල කලා වල්ලභ රජුගේ සහ උඩුගම්පොල රාජධානියේ ඛෙදාන්තයත් මෙම වෙල්ල බවට අපට ප්‍රකාශ කල හැක්කෙ මෙම වෙල්ලෙ අසාර්ථක විමත් සමග සිදු වූ සිදුවිම් නිසාය. අදටත් මෙම ප්‍රදේශයේ මෙම වෙල්ල හා සම්බන්ධ නටඹුන් දැකිය හැකි අතර වර්තමානය වන විට එය විනාශ වෙමින් ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් නිසාය. නමුත් මෙම ප්‍රදේශයේ තවමත් නොවිසිදුන ස්ථානය වන්නෙ මෙම ප්‍රදේශයේ ඇති රා වල නමින් ප්‍රසිද්ධ ස්ථානයයි. මෙම රාවල නැමති තැන ජලය පිරුන වල කිසිදාක නොසිදෙන බවත් එහි ජලය මඩ පැහැයට හුරු විමත් එහි පතුලක් සොයාගැනිමට කිසිවෙකු මේ වන තෙක් උත්සහ දරා නොමැත. මෙම රාවල වෙල්ල සැදිමට ගෙන්වන ලද ඇතුන්ට රා පෙවිම සදහා රා පිරවිම සඳහා ඉදිකරන ලද්දක් බව කියැවේ. වර්තමානයේ පෞද්ගලික ඉඩමක මෙම රාවල අපට දැක ගත හැක.


image